වරාය, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිදේශ කර ඇතැයි වාර්තා වේ.
මේ දිනවල දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ආණ්ඩුවට නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දී ඇතැයි පැවසේ.
මේ අතර ණය බර අඩුකර ගන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාර්තාව මගින් ආණ්ඩුවට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම විදුලිය සහ ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන ලෙසටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට යෝජනා කර ඇතැයි පැවසේ.
මූලාශ්‍ර ඉරිදා ලංකාදීප
0









