ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණි හිමිවරු ජනාධිපති ලේකම්ට ලිපියක් භාරදෙති

ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණි හිමිවරු ජනාධිපති ලේකම්ට ලිපියක් භාරදෙති

අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන්වහන්සේලා පරිසක් ආරම්භ කළ පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබේ

එම පිරිස හමුවීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පැමිණි අතර, එහිදී භික්ෂූන්වහන්සේලා විසින් උන්වහන්සේලාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපති ලේකම් වෙත භාරදී ඇත.

ජනාධිපති සමඟ සාකච්ඡා කර, ඊට අදාළ පිළිතුරක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් එහිදී එම පිරිසට ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්