ආගමේ නාමයෙන් මරණීය දණ්ඩනය නියම කිරීම හමුවේ මහින්ද සහ අනුර…

ආගමේ නාමයෙන් මරණීය දණ්ඩනය නියම කිරීම හමුවේ මහින්ද සහ අනුර…

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ රිෂානා රාසික් දැරියට සෞදි අරාබියෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සහ මෑතක දී එම දඬවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම යන අවස්ථා දෙකේදී රාජ්‍ය නායකයින් ක්‍රියා කළ ආකාරය එකිනෙකට පරස්පර වී තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ රිශානා රාසික්ගේ හිස ගසා දැමූ අතර, ඒ පිළිබඳව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් රජයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබිණි. 2012 ජනවාරි 09 දින එම කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ රිෂානාගේ ජීවිතය බේරා ගැනීමට පිළිගත් කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් පළක් නැති ප්‍රකාශ නිකුත් කිරීමට පමණක් රජය ක්‍රියා කළ බවයි. අවම වශයෙන් ඇයගේ නඩු සම්බන්ධයෙන් නීතිඥ ගාස්තු ගෙවීමටත් එම රජය ක්‍රියා කර නොතිබිණි.

එහෙත් ජාත්‍යන්තර සම්බන්ධතා කිසිවක් නොමැති බවට විවේචන එල්ල කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව යටතේ අනෝජන්ගේ ජීවිතය බේරා ගෙන අදාළ විදේශ නීතිඥ ගාස්තු සියල්ල ද රජය මගින් ගෙවනු ලැබීය. මහින්ද රාජපක්ෂ සෞදියේ රජුට ලිපියක් යවමින් රිශානාට මරණීය දණ්ඩනය ලබා දීම කල් දමන ලෙස ඉල්ලා තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්