විදුලිය හොරකම්කළ සජිත්ගේ මන්ත්‍රිනියට ඇප

විදුලිය හොරකම්කළ සජිත්ගේ මන්ත්‍රිනියට ඇප

විල්ගමුව පේරකනත්ත යායදහය ප්‍රදේශයේ නිවසකට වංචනික ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජී. රසිකා රත්නායක නමැති විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරියක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ලග්ගල මහේස්ත්‍රාත් එන්.එස් ජයසූරිය නියෝග කර තිබේ.

එමෙන්ම එළඹෙන දෙසැම්බර් 18 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ඇයට නියෝග කර ඇත.

විදුලි බල මණ්ඩලයට ලද තොරතුරක් මත විල්ගමුව පොලිසියේ සහය මත සිදුකළ විමර්ශනයකදී ඇයගේ නිවෙසට විදුලි මීටරය විකෘති කරමින් කාන්දම් කැබලි උපයෝගී කරගෙන කලක සිට විදුලිබලය ලබාගෙන ඇති බව විදුලිබල මණ්ඩලයේ සේවකයන් දැනුම් දී ඇත.

එදිනට විදුලි බල මණ්ඩලයට සිදුව ඇති පාඩුව ගණනය කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලංකාව විදුලි බල මණ්ඩලයේ නියෝජිතයන්ටද අධිකරණය නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්