22න් බැට කෑ සජිත් කතානායක ළඟ වැටෙයි

22න් බැට කෑ සජිත් කතානායක ළඟ වැටෙයි

වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකරාශී කර ගත හැකි සියළු පක්ෂ සහ වෙනත් සංවිධාන මෙහෙයවමින් අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව උපරිම බලය යෙදවීමෙන් පසු සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය බරපතළ බිඳ වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.

පසුගිය 24 වෙනි දින පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පවත්වන ලද විරෝධතාවට ඉලක්ක කර ගත් පිරිසක් සහභාගී කර ගැනීමට අපොහොසත් වීමෙන් එම බිඳවැටීම තහවුරු වී තිබේ. නැවත දේශපාලනික වශයෙන් නැගී සිටීම සඳහා කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පුළුල් ප්‍රචාරයක් දියත් කර ඇත. මේ සඳහා පදනම් කර ගෙන ඇත්තේ වැඩ තහනම් කර සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් නගා තිබූ අපහාසාත්මක චෝදනාවකි.

සජිත් ප්‍රේමදාස සමඟ එක්ව දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට පෙළ ගැසී සිටි සංවිධාන 12ක් ඉවත් වී යන බව පසුගිය සති අන්තයේ ලිඛිතව දන්වා ඇති අතර, 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අති බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත වීමෙන් සමගි ජන බලවේගය තුළ අලුත් මත ගැටීම් රැසක් හට ගෙන ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්