මේ වනවිට සෞදි අරාබියේ අධිකරණයකින් මරණීය දණ්ඩනය නියම කර සිටින අනෝජන් සිවරාසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කරමින් සිටින අතර, නීතිඥවරු දෙදෙනෙකු සුවිශේෂී පෞද්ගලිකව මැදිහත්වීම් කරන බව අනාවරණය කෙරේ.
ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව හෙළි කළේ අමාත්‍යාංශ නිවේදන දැනුම්දෙමිණි.
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඔවුන්ගේ පුද්ගලික මුදල් වැය කරමින් අනෝජන් සිවරාසා වෙනුවෙන් සෞදි අරාබියට ගොස් නීතිඥ සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇති බව අමාත්‍යවරයා හෙළි කළේය. මෙම ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් රජයේ මැදිහත්වීම පිළිබඳ අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම පහත දැක්වේ.
Views: 0










