විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග කළ පාස්කු ඉරු දින ත්‍රිස්ත ප්‍රහාරය පිළිබඳ නඩුවේ චූදියන් 15 දෙනාට දඬුවම් නියම කිරීම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම වරදකරුවන් 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.
එමෙන්ම වරදකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කරන ලෙසද විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසද අධිකරණය නියෝග කර ඇත.
පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණි.
කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 09 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල විසින්.
මේ අනුව මෙම නඩුවේ 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 11 / 15 / 16 / 18 / 19 යන විත්තිකරුවන්ට එරෙහිව ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ .
ඒ අනුව අදාළ චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම නඩුවේ 10 වන විත්තිකරුට එරෙහිව පවතින 16 වන චෝදනාව පමණක් ඔහු නිදොස් කොට නිදහස් කර ඇත.
ඒ අනුව 16 වන චෝදනාව හැර අන් සියලු චෝදනාවලට 10 වන විත්තිකරුද වැරදි කරු බව විනිසුරුවරුන් සඳහන් කර තිබේ.
මෙම දණ්ඩනය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු අනුව මෙහි චූදිතයන් 05 දෙනෙකුට වසර 220 බැගිනුත් තවත් චූදිතයන් සිව් දෙනෙකුට වසර 240 බැගිනුත් සෙසු චූදිතයන් 06 දෙනාට වසර 200 බැගිනුත් සිර දඬුවම් නියම කර ඇත.










