විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග කළ පාස්කු ඉරු දින ත්‍රිස්ත ප්‍රහාරය පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තිබෙන අතර නවුෆර් මවුලවි ඇතුළු චූදිතයන් 15 දෙනෙකු වැරදිකරුවන් බවට පත් කර තිබේ.
තවත් 09 දෙනෙකු චෝදනාවලින් නිදහස් කර ඇත.
වැරදිකරුවන් හට ලබාදෙන දඬුවම් පිළිබඳව ප්‍රකාශ කිරීම කල් තබා තිබේ.
2019 වසරේ පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණි.
153










