පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදු කිරීම, බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ, නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතය.
දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබූ අතර තීන්දුව අද දින ප්රකාශයට පත් කරන බව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී තිබිණි.
පාස්කු ඉරුදිනයේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානය මගින් මරාගෙන මැරෙන ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට කුමන්ත්රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ, ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්රතිපාදන ප්රකාරව, නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නීතිපති විසින් 2021 වසරේදී මෙම නඩුව ගොනුකරන ලදී.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම විත්තිකරුවන් සියලු දෙනා මේ වනවිට අධිකරණය පරිශ්රය වෙත ගෙනවිත් තිබේ.










