බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති තිලකසිරි පෙරේරා අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති තිලකසිරි පෙරේරා අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් පනතේ 30 වන වගන්තියට අනුව එම පනතේ II වන කොටස යටතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් සහ අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය යටතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් ජගත් තිලකසිරි පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn