ලංකාවේ ආර්ථිකයට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්…

ලංකාවේ ආර්ථිකයට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්…

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම්වල CCC+ ශ්‍රේණියෙ සිට B- ශ්‍රේණිය දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පවසයි.

එම ආයතනය පෙන්වා දෙන්නේ එහි ඉදිරි දැක්ම තවදුරටත් ‘ස්ථාවර’ මට්ටමක පවතින බවය.

බාහිර මූල්‍යකරණ අවදානම් ලිහිල් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද Fitch Ratings සඳහන් කරයි.

කෙසේ වෙතත්, තවමත් පවතින ඉහළ ණය සහ ණය සේවා අනුපාත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය පැතිකඩට (Credit profile) බාධා එල්ල වී ඇති අතර විදේශ විනිමය සංචිත තවමත් පවතින්නේ මධ්‍යස්ථ මට්ටමක බවයි Fitch Ratings ආයතනය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn