ජනාධිපති අනුර යටතේ මහා කුලුණු තුනක්

ජනාධිපති අනුර යටතේ මහා කුලුණු තුනක්

ශ්‍රී ලාංකික ජනතාව සහකම්පනයෙන් යුතුව, නූතන ලෝකය සමඟ පෙරට යා හැකි පිරිසක් බවට පත් කිරීම සඳහා විශ්ව සාහිත්‍යයේ ප්‍රබල කුලුණු තුනක් මත නව ගොඩනැගීමකට මුල පුරා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් සංස්කෘතික කටයුතු සහ බුද්ධ සාසන ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සම්බන්ධ වී නව සංස්කෘතික ත්‍රිකෝණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රුසියානු සාහිත්‍යයේ මහා බල කණුවක් වන ලියෝ තෝල්ස්තෝයි, ඉන්දීය සාහිත්‍යයේ බල කණුවක් වන රවීන්ද්‍රනාත් තාගෝර් සහ ශ්‍රී ලාංකික සාහිත්‍යයේ බල කණුවක් වන මාටින් වික්‍රමසිංහ පදනම් කර ගනිමින් මෙම සංස්කෘතික ත්‍රිකෝණය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ලබා දීමේ ප්‍රතිපත්තිය මත මෙම සුවිසල් සමාජ සංස්කෘතික ජීවිතයේ පරිවර්තනයට මුල පුරා තිබේ. යූටියුබ් නාලිකාවක් සමඟ ඇමති සුනිල් සෙනෙවි පැවැත්වූ සාකච්ඡාවක දී මෙම තොරතුරු හෙළි කරනු ලැබීය. එම සාකච්ඡාව අඩංගු වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්