විමල් වීරවන්ස වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

විමල් වීරවන්ස වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිටපු ඇමති විමල් වීරවන්ස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කර තිබේ.

ඒ, 2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසළ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්