බදු සල්ලිවලින් කරන වැඩ

බදු සල්ලිවලින් කරන වැඩ

මෙතෙක් කල් බදු දැලෙන් රිංගා ගොස් සිටි පිරිස කොටු කර ගනිමින් රාජ්‍ය ආදායම් ඉහළ දමා ගන්නා අතර, ජනතාවගේ මූලික අවශ්‍යතා වන සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහනය, බල ශක්ති සැපයුම වැනි අවශ්‍යතා කෙරෙහි පසුගිය දෙවසර තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

ගෙවී ගිය සති දෙකක කාලය තුළ මෙම මූලික ක්ෂේත්‍රවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ ව්‍යාපෘති රැසක් පිළිබඳව වාර්තා විය. ඒ අතරින් විශේෂ අවධානයක් යොමු වූයේ සූර්ය විදුලිබල නිෂ්පාදනය ගබඩා කිරීම සඳහා බැටරි පද්ධතියක් ස්ථාපිත කිරීම සහ “දිය ජනනී” සූර්ය පැනල් විදුලි ව්‍යාපෘතිය දියත් කිරීම කෙරෙහි ය.

ඊට අමතරව, දිළිඳු ජනතාව මූලික කර ගත් නිවාස ව්‍යාපෘතිය, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට නව නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය, මලයගම් ජනතාවට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ආදී වශයෙන් පොදු ජනතාවට කෙළින්ම ප්‍රතිලාභ ලැබෙන නිවාස ව්‍යාපෘති ගණනාවක් ද ක්‍රියාත්මක විය.

පානීය ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සිදු කළ අතර, රොන් මඩින් පිරී ගිය ජලාශ ප්‍රතිසංස්කරණය ද දියත් කර තිබේ. වසර 50කට පසුව බෝවතැන්න ජලාශයේ රොන් මඩ ඉවත් කිරීම පිළිබඳව විස්තරාත්මක තොරතුරු සහිත වීඩියෝවක් පහතින් දැක්වේ.

මෙම ව්‍යාපෘති දියත් කර තිබෙන්නේ ඩොලර් මිලියන 4,000ක ඉක්මවා ගිය ආර්ථික විනාශයක් ගෙන ආ දිට්වා කුණාටුව සහ ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයේ ලෝක ආර්ථික බලපෑම මධ්‍යයේ ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්