“මිනීමරු රොබෝ සොල්දාදුවන් තහනම් කරනු” – එජා සංවිධානය ඉල්ලයි !

“මිනීමරු රොබෝ සොල්දාදුවන් තහනම් කරනු” – එජා සංවිධානය ඉල්ලයි !

මිනිස් මැදිහත් වීමකින් තොරව යුධ බිමේ සතුරන් මරා දැමීමට තනිවම තීරණය කරන අනපේක්ෂිත යන්ත්‍ර හෙවත් ස්වයංක්‍රීය අවි වල අන්තරායන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය යලිත් වරක් අනතුරු ඇඟවීමක් කර ඇත. IA හා සම්බන්ධ “සුපිරි බුද්ධිය” සංවර්ධනය පිළිබඳ අනතුරු ඇඟවීම් මෙන්ම, අනාගත අවි ආයුධවල තාක්ෂණික පිම්ම කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව යන්ත්‍ර තනිවම තම බලය හා පාලනය ලබා ගැනීමේ බිය මතු කරයි. 2023 දී ත් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සභාපති Mirjana Spoljaric Egger එක්ව 2026 වන විට මෙම ස්වයංක්‍රීය අවි පද්ධති තහනම් කරන ලෙස සියළු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් ඔවුන්ගේ ඉල්ලීම නොසලකා හරින ලදී.

ඒ අනුව මිනිස් මැදිහත් වීමකින් තොරව ස්වයංක්‍රීය අවි සංවර්ධනය කිරීම මගින් ජාත්‍යන්තර යුධ කොන්දේසි හා හා මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් “ලොව පිළිගත් සදාචාරාත්මක රතු රේඛාවන් තරණය කිරීමට” හේතු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානීන් අගෝස්තු 25 වන අඟහරුවාදා යලි අනතුරු ඇඟවීය.

“අපි මෙම ආයාචනය ඊටත් වඩා හදිසි අවශ්‍යතාවයකින් යුතුව අලුත් කරමින් සිටිමු. 2023 දී ඉදිරිපත් කල මූලික උත්සුකයන් නොවෙනස්ව පවතී, නමුත් අවදානම් තව තවත් තීව්‍ර වී ඇත. මෙම අවි වලින් සිදුවන හානි යුධ බිමේ ගෞරව කල යුතු යුධ නීති අභිබවා යන රතු රේඛාව තරණය කිරීමට භයානක ලෙස ආසන්න වී තිබෙනවා. යන්ත්‍ර මගින් මිනිසුන් ස්වයංක්‍රීයව ඉලක්ක කිරීම අතිශයින් භයානක උපක්‍රම බවට හඳුනා ගෙන තිබෙනවා. තාක්ෂණික හැකියාවන් සහ නියාමන සීමාවන් අතර පරතරය පුළුල් වී ඇති අතර, යුධ පිටියේ භාවිතා කරන දියුණු තාක්ෂණයන් සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට හානි කිරීමේ අවදානම වැඩි කරන අතර සන්නද්ධ ගැටුම්වලදී සිවිල් ජනතාව මුහුණ දෙන අනතුරු උග්‍ර කර තිබෙනවා” යයි ඔවුන් අවධාරණය කර සිටි.

කෘතීම තාක්ෂනය සහිත ස්වයංක්‍රීය අවි සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ මිනිස් මැදිහත්වීමකින් තොරව තම ඉලක්ක තෝරා ගැනීමට සහ බලය භාවිතා කිරීමට හැකියාව ඇති ආයුධ ලෙස ය.

“මෙම පද්ධති දැනටමත් යුධ පිටියේ සහ පුළුල් සන්දර්භයන් තුළ භාවිතා වන අතර එමඟින් සිවිල් වැසියන්ට හානි සිදුවීමේ අවදානම වැඩි වී තිබෙනවා ,” යයි ජිනීවාහි පැවති මාධ්‍ය හමු වේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ හි සතුරුකම් පිළිබඳ අවි සහ හැසිරීම් ඒකකයේ ප්‍රධානී Laurent Gisel මාධ්‍ය වෙත පැහැදිලි කළේය.

විශේෂඥයින්ට අනුව, ජනතාව සෘජුවම ඉලක්ක කරගත් සම්පූර්ණයෙන්ම(mass killings) ස්වයංක්‍රීය අවි භාවිතා කිරීමක් මේ දක්වා වාර්තා වී නොමැත. නමුත් මෙම අවි ප්‍රවර්ධනය තම සීමාවන් පසු කරමින් සිටින බව විශේෂඥයයන් පවා අනතුරු හඟවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දේ. මෙම පද්ධති සංවර්ධනය කරන විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් මෙන්ම මෙම තාක්ෂණයේ නිර්මාතෘවරුන් විසින්ම සීමාවන් ඉල්ලා සිටින බැවින්, අදාළ ගැටුම් වලට සම්බන්ධ වී සිටින රාජ්‍යයන් නිෂ්ක්‍රීයව සිටීම දරාගත නොහැක,” යයි එක්සත් ජාතීන්ගේ සහ රතු කුරුස ප්‍රධානීන් යලි යලිත් කියා සිටින්නේ මෙම 2026 වසර හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සනිටුහන් කළ යුතු” බවට ද අනතුරු අඟවමිනි.

ඇතැම් සාම්ප්‍රදායික අවි පිළිබඳ සම්මුතිය (CCW) යටතේ, ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමක් වසර ගණනාවක් තිස්සේ ස්වයංක්‍රීය අවි සහ ඒවායේ සංවර්ධනය සහ භාවිතය පාලනය කළ හැකි ජාත්‍යන්තර නීති පිළිබඳව හදාරමින් සිටී.
සම්මුති ලේඛනයක් සම්මත කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කණ්ඩායම ලබන සතියේ එහි වසර තුනක නිල කාලය සම්පූර්ණ කරනු ඇත. 2026 නොවැම්බර් මාසයේ පැවැත්වෙන CCAC සමාලෝචන සමුළුවේදී, නීති සකස් කිරීම සඳහා සාකච්ඡා දියත් කළ යුතුද නැද්ද යන්න ඇතුළුව, මෙම ගැටලුව සමඟ ඉදිරියට යා යුතු ආකාරය තීරණය කිරීමට සාමාජික රාජ්‍යයන්ට හැකි වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සහ රතු කුරුස ප්‍රධානීන් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ “පැහැදිලි තහනම් කිරීම් සහ සීමා කිරීම් හරහා ස්වයංක්‍රීය අවි පද්ධති නියාමනය කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති සම්මුතියක් කඩිනමින් සම්මත කර ගැනීම සඳහා” අවශ්‍ය සහය අදාළ කණ්ඩායමට මග පෙන්වීමට වහාම රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා ආරම්භ කරන ලෙසයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ සියලුම ස්වයංක්‍රීය අවි පද්ධති තහනම් කිරීමට තම සංවිධානය ඉල්ලා නොසිටින බවත්, “ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමේ විශාලතම අවදානම්, බරපතල මානුෂීය ප්‍රතිවිපාක සහ සන්නද්ධ ගැටුමේ මානව පිරිවැය වැඩිවීමට හේතු වන” ඇතැම් අවි සහ රොබෝ පමණක් තහනම් කරන ලෙසය.

“අනපේක්ෂිත ස්වයංක්‍රීය අවි තහනම් කිරීම, එනම්, ප්‍රමාණවත් ලෙස පුරෝකථනය කළ නොහැකි හෝ පාලනය කළ නොහැකි ස්වයංක්‍රීය අවි තහනම් කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන් එම අවි වල IA මගින් නිර්ණය කළ නොහැකි උපාංග ඇතුළත් වන විට සිදුවන අනතුරු ගණනය කල නොහැක. පුද්ගල නාශක ස්වයංක්‍රීය අවි තහනම් කිරීම, එනම්, මිනිසුන් සෘජුවම ඉලක්ක කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද හෝ භාවිතා කරන ස්වයංක්‍රීය අවි තහනම් කිරීම” අපේ අරමුණ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ Laurent Gisel මාධ්‍ය වෙත අවසාන වශයෙන් පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්