කිසිදු තීන්දුවක් ආපසු හරවන්නෑ! – ජනාධිපති ප්‍රබල ප්‍රකාශයක්

කිසිදු තීන්දුවක් ආපසු හරවන්නෑ! – ජනාධිපති ප්‍රබල ප්‍රකාශයක්

ජනතාව වෙනුවෙන් රජය අනුගමනය කරමින් සිටින පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුළත් ක්‍රියාමාර්ග කිසිසේත් ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

රජයේ මෙම ක්‍රියාමාර්ග පිළිබඳව සුන්බුන් විපක්ෂය සහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් ගෙන යන විකෘති ප්‍රචාරවලට ප්‍රතිචාර දක්වමින් කරුණු 7ක් පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි. නබිනායකතුමා සැමරීම වෙනුවෙන් ඊයේ (27) පැවැත්වූ උත්සවය අමතා කළ කතාවේදී මේ බව අවධාරණය කෙරිනි.

ජනතාව වෙනුවෙන් යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ කිසිසේත් ආපසු නොහැරවීම, ජාතිවාදය සහ ආගමික අන්තවාදයට යළි ඉඩ නොදීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට ගෙන යන ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් දියත් කිරීම, ජනතාවගේ බලය සියල්ලට ඉහළින් තබා ගෙන ක්‍රියා කිරීම, නීතිය ඉදිරියේ සියළු දෙනා එක හා සමානයින් බවට පත් කිරීම, ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ගොඩනැගීම යන ක්‍රියාමාර්ග පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බවත් ඒ සම්බන්ධයෙන් ඇති වන සාධනීය වෙනස්කම් ද සිදු කරන බව අවධාරණය කරනු ලැබීය.

කුමන බලවේග කුමන ප්‍රචාර දියත් කළ ද මෙම ක්‍රියාමාර්ග ආපසු නොහරවන බව දැඩිව අවධාරණය කළ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්