“සමිට්පුර චතූ”ගේ තොරතුරු මත ගිනිඅවියක් ඇතුළු පතරොම් 12ක් සොයා ගනී

“සමිට්පුර චතූ”ගේ තොරතුරු මත ගිනිඅවියක් ඇතුළු පතරොම් 12ක් සොයා ගනී

විදේශ රටක සිට මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ සජීවී පතරොම් 12ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව, ඕමානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ `සමිට්පුර චතූ’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලබා දුන් තොරතුරු මත ‍එය සොයාගෙන ඇති බවසඳහන් වේ.

පසුගියදා ‘සමිට්පුර චතූ’ නැමැත්තා දිවයිනට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී.

ඔහු ගණේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙකුද වන අතර එසේම මෙරට තුළ සිදුකළ තවත් අපරාධ රැසක විමර්ශන කටයුතු සඳහාද අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකු බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්