ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන මහජනතාව නොසන්සුන් කිරීමේ ව්‍යාජ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංගීත් ඩයස්සේකර යනුවෙන් කලක් පෙනී සිට ඇති රඹුක්වෙල අධිකාරිගේ සංගීත් ජයසේකර නමැති පුද්ගලයා පිළිබඳව තවත් කුප‍්‍රකට කරුණු රැසක් හෙළි වී ඇත.
ඔහු විවිධ නම්වලින් පෙනී සිට ඇති අතර, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කිහිපයක් ද සන්තකයේ තබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. ශිරන්ති රාජපක්ෂගේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් රාජපක්ෂ පවුල සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන සිටි ඔහු රනිල් – මෛත්‍රි හවුල් ආණ්ඩුව සමයේ සිටි ඇමතිවරු ගණනාවක් සමගද විවිධ සම්බන්ධතා පවත්වාගෙන සිටි බව අනාවරණය.
කොළඹ ත‍්‍රස්ත මර්දන කොට්ඨාසයෙන් වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා නියෝග කර ඇති අතර, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඔහු වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥවරිය තම සේවා දායකයාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන දැඩි ප්‍රතිචාර දක්වා ඇත.
”මෙම වගඋත්තරකරු කර තිබෙන ප්‍රකාශයේ බරපතළකම ඇප අයදුම්කරන නීතිඥවරිය අවබෝධ කර ගෙන නැති බව පේනවා. ඔහුගේ ප්‍රකාශයේ හඬපට වාදනය කර නීතිඥවරියට ඇසීමට සැලැස්වීම සුදුසු බව සිතනවා. මේ අධිකරණ පරිශ්‍රයේ බෝම්බ හදන බව කීවොත් ඔබතුමියට මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ.” යනුවෙන් විනිසුරු ප්‍රශ්න කර ඇත.








