සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විර්මශන කොට්ඨාසය මගින් අත්අඩංගුව ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනි.
ඊයේ (18) දින මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 46ක් වූ බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු අද (19) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
Views: 0










