සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට

සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (10) අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මේ වනවිට කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස්පති ඉලක්ක කර සිදු කළ, මහ මග ගල් ගසා මරා දමනු ඇති බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදීය.

පොලිස්පති සම්බන්ධව සිදුකර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඔහු කැඳවා තිබිණි.

පොලිස්පතිට මරණ තර්ජන සිදුකිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහුට එහෙරිව ගොනු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්