නාමල් රාජපක්ෂ වේගයෙන් පලා යයි

නාමල් රාජපක්ෂ වේගයෙන් පලා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වී නාමල් රාජපක්ෂ ඇතුළු සුන්බුන් විපක්ෂයේ කණ්ඩායම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රචාරක යාන්ත්‍රණය වෙනුවෙන් ම කිසියම් ප්‍රකාශයක් සිදු කර සභා ගැබේවත් නොසිට පළා යාම සාමාන්‍ය දින චර්යාවක් බවට පත් කර ගෙන තිබේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ දී නාමල් රාජපක්ෂ එවැනි ම ප්‍රකාශයක් කරමින් තමන් පස්ස දොරෙන් පළා නොයන බවට උද්වේගයෙන් ප්‍රකාශ කරනු ලැබීය. ඔහුගේ එම කතාවෙන් පසුව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම් වනවිට ම නාමල් රාජපක්ෂ සභා ගැබෙන් නික්ම ගියේය. වෛද්‍ය නජිත් ඉන්දික, නාමල් රාජපක්ෂව නම් කරමින් සභා ගැබේ රැඳී සිටින ලෙස අභියෝග කළ නමුත් පළා යාම පිළිබඳව සති අන්ත දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමු වී තිබිණි.

මේ අතර, මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුල ම අරලිය ගහ මන්දිරයෙන් පළා ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ රැඳී සිටීම, බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට පළා යාම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අත්හැර පළා යාම පිළිබඳව අතීත මතකය සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වටයකින් ඉස්මතු වෙමින් තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්