සලේගේ පෙත්සමේ අතරමැදි පෙත්සම් විභාගයට

සලේගේ පෙත්සමේ අතරමැදි පෙත්සම් විභාගයට

තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම්, අද (04) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වී තිබේ.

එහිදී, අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඉන් අනතුරුව, අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 06 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්