2026 තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ.
සියලු ගැලපීම් කිරීමෙන් අනතුරුව 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සඳහා වන පිරිවැය ඉහළ යාම සියයට 0.3කට (රුපියල් මිලියන 417කට) සීමා වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව එම කොමිෂන් සභාව දක්වා තිබේ.
මේ හේතුවෙන් තුන්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත්, දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුළදීද බලාත්මක වන බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධයේදී විදුලි ගාස්තු වැඩිවීමට අදාළව රුපියල් බිලියන 15ක සහනයක් ජනතාවට ලබාදීමට රජය කටයුතු කළ අතර ඒ අනුව, 95%ක් වූ පාරිභෝගිකයන්ට එම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවීය.










