වත්මන් බලයට පත්වීමෙන් පසුව දියත් කළ සියළුම ප්රගතිශීලි ප්‍රතිසංස්කරණවලට එරෙහිව සුන්බුන් විපක්ෂය බිල්ලන් මවන ලද අතර, එම අභියෝග ජය ගනිමින් අදාළ ක්‍රියාමාර්ග දියත් කිරීමේ ප්රතිලාභ ලැබීමත් සමඟ එම ප්‍රතිසංස්කරණ තමන්ගේ කාලය තුළ යෝජනා කළ ඒවා බව ප්‍රකාශ කරනු ලැබීය.
ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ රට බංකොලොත් කිරීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක් වී සාකච්ඡා පවත්වා ඇති කර ගත් ගිවිසුමේ කොන්දේසි ජනතා හිතවාදී ආකාරයෙන් වෙනස් කර ගනිමින් උපයන විට ගෙවීමේ බද්ධ අය කිරීමේ සීමාව ඉහළ දැමීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, දිට්වා ව්‍යසනයට රුපියල් කෝටි 50,000ක් වෙන් කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්පත් කර ගෙන තිබේ.
එමෙන් ම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ බලතල පුළුල් කරමින් ස්වාධීනව සහ වේගවත්ම දූෂණ විරෝධී විමර්ශන සිදු කරමින් තිබේ. ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ ස්ථීර සාර අත්තිවාරමක් දමා ගෙන ඇති අතර, එහි ජයග්‍රහණයක් ලෙස මෙම වසරේ මුල් මාස 06 තුළ සමස්ත අයවැය අතිරික්තය රුපියල් බිලියන 197ක් ලබා ගැනීමට සමත් විය.
එමෙන් ම, අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයකට මුලපුරමින් මෙම වර්ෂයේ සිට ඇතැම් ප්‍රතිසංස්කරණ ආරම්භ කළ අතර, ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවකදී එම ප්‍රතිසංස්කරණ අසත්‍යකරණය ලෙස ද විපක්ෂය විසින් නම් කරනු ලැබීය. මේ ආකාරයට රජය ගෙන ආ ප්‍රතිසංස්කරණ පිළිබඳව ආරම්භයේ දී බිල්ලන් මවන ලද සුන්බුන් විපක්ෂය එම ප්‍රතිසංස්කරණවල ජයග්‍රාහී ප්‍රතිඵල ලැබීමේ දී අදාළ ක්‍රියාමාර්ග සැලසුම් කළේ යෝජනා කළේ තමන්ගේ පාලන කාලය තුළ දී බව ප්‍රකාශ කිරීමට තරම් බංකොලොත් බවක් ප්‍රදර්ශනය කරනු ලැබීය.
මේ වනවිට අධිකරණ ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, වත්මන් අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම නැමැති බිල්ලෙක් මවා පාමින් විශාල බොරු ප්‍රචාර ප්‍රමාණයක් විපක්ෂය සහ ඔවුන් සමඟ අත්වැල් බැඳ ගත් නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයන් ඇතුළු පිරිසක් ගෙන යමින් සිටිති. මෙයට පෙර තීරණාත්මක ප්‍රතිසංස්කරණ දියත් කළ අවස්ථා 4කදී බිල්ලන් මවන ලද කණ්ඩායම් පසුව එම ප්‍රතිසංස්කරණවලට තමන් විරුද්ධ නොවුණු බව ප්‍රකාශ කරන ලදී.










