චමින්ද විජේසිරිගේ නඩු තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු කිව්වේ කුමක්ද?

චමින්ද විජේසිරිගේ නඩු තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු කිව්වේ කුමක්ද?

අයුතු අවහිරය, පහරදී තුවාල සිදුකිරීම, පුද්ගලයන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම යන චෝදනාවට වැරදිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඌව පළාත් බද බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි විසින් වසර එක හමාරක සිරදඬුවමක් නියම කිරීමට පසුගිය 28 වනදා කටයුතු කළේය.

මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේදී විභාග වූ නඩුවේ දෙවන විත්තිකරු වු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට අවුරුදු එකහමාරක ලිහිල් සිරදඩුවමක්ද, තෙවැනි විත්තිකරු වූ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරි රසික කරුණාතිලක නමැත්තාට වසර 10කින් ගෙවියන මාස එකක අත්හිටවූ ලිහිල් සිරදඬුවමක් නියම කළේය.

දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි සඳහන් කළේ මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෝ සමථ මණ්ලයෙන් සමථයකට පතකර ගත හැකිව තිබූ නඩුවක් බවත් තෙවන සැකකරු වන රසික කරුණතිලකගේ අවුරුදු 33 වන පොලිස් සේවයේ එතෙක් කිසිම චොද්නාවකට හසු නොවු ප්‍රශංසා ලිපි 71කට හිමිකම් කිවූ යාපනය මුලිතිව් කිලිනොච්චි ප්‍රදේශවල යුද්ධය කලායේ සේවය කර තිබෙන නිලධාරියුකු බවත්ය.

නොබෝ දිනකින් වශ්‍රාම ලැබීමට නියමිත බවත් විතිත්යේ නිඥයන්ගේ කරුණු දැක්වීමේදි අනාවරණය වූ බවද සදහන් කළ විනිසුරු, මෙම දඩුවම් විශ්‍රාම ලබා දීමට හානියක් නොවන බවද අවධාරණය කළේය.

“මෙහි පළමු විත්තිකරු මියගොස් සිටිනවා, දෙවන විත්තිකරු පාරිලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඇතැම් මන්ත්‍රිවරු වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදි සෙන්කොළය පවා උදුරාගෙන දුවනවා, ගහගන්නවා, මිරිස්කුඩු ගහගන්නවා, නමුත් ඒ අය පාර්ලිමේන්තුවෙන් පිටතදි එවැනි ක්‍රියාවන්වල නිරත වුණාම තමයි ප්‍රශ්නය. මේවා කොහොමද අනුමත කරන්නේ. කවුරුත් එවැනි සිද්ධි අනුමත කරන්නේ නෑ, අධිකරණයෙන් ලබාදෙන දඩුවම සමාජයට ආදර්ශයක් වෙනවා, ව්‍යවස්ථාදායකයත් මෙතන පැමිණ ඉන්නවා.

මෙතන විත්තිකරුවකු වන පොලිස් නිළධාරියා වසර 34ක සේවා කාලයක් රාජකාරි සිදුකර තිබෙනවා, ආරක්ෂකයා වුණාම ප්‍රභුවරයාගෙන් ජනතාවට සිදුවන හානිය වළක්වා ගත යුතුයි,” යැයිද පැවසීය.

මෙම නඩුවේ දෙවන විත්තිකරු වන චමින්ද විජේසිරි අයුතු අවහිරය, පහරදි කැමැත්තෙන් තුවාල සිදුකිරීම පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජය එල්ල කිරීම යන චෝදනා  හතරටත් ඔහුගේ ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ රසික කරුණාතිලක නමැති තෙවැනි විත්තිකරු අයුතු අවහිරය සහ මරණිය තරජන එල්ල කිරීම යන චෝදනා වන්ටත් වරදකරු බව මෙම නඩු විභාගයේ තීන්දුව දැනුම් දෙමින් මහාකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි පසුගිය 25 වනදා තීන්දු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්