ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කර තිබේ.
අභියාචනාධිකරණය විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුවය.
මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ඉහත පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මේ අතර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින බහුතරයක් සිසුන් සහ දෙමව්පියන් පවසන්නේ විභාගය කල් නොදමා නියමිත පරිදි පැවැත්විය යුතු බවය.
95










