මෝටර් රථයකින් අයිස් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02.554ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය අපරැක්ක අනු පාලක ස්ථානයෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනු පාලක ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවක දී මෙම මත් ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 28 හා 32 යන වයස්වල පසු වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් කාර් රථය වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Views: 0










