අනුරගේ ජනප්‍රියතාව ඉහළට – නාමල්, දිලිත් සහ චම්පික වීසි වෙලාම යයි

අනුරගේ ජනප්‍රියතාව ඉහළට –  නාමල්, දිලිත් සහ චම්පික වීසි වෙලාම යයි

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය තවදුරටත් ඉහළම මට්ටමක පවතින අතර, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පාඨලී චම්පික රණවක ඇතුළු සුන්බුන් කණ්ඩායම් මුළුමනින් ම අහෝසි වන බවක් ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මුළු රටම ආවරණය වන පරිදි 2,188 ක් වූ අහඹු නියැදි තෝරා ගනිමින් පවත්වන ලද සමීක්ෂණයක දී ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධ ප්‍රසාදය 75.5%ක් දක්වා ඉතා ඉහළ වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව හෙළි වී ඇත. මේ අතර, සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ප්‍රසාදය 29.4%ක් මට්ටමක රැඳී පවතී. මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ ඔවුන් දෙදෙනාම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන සුළු පිරිසකුත් සිටින බව ය.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාව සහ අගය කරමින් විශ්වාසය පළ කරන පිරිස 62.8%ක් වන බව ද එම සමීක්ෂණයේ දී හෙළි වී තිබේ. නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, චම්පික රණවක ඇතුළු ආණ්ඩු විරෝධීන් සියළුම දෙනා එම විරෝධය සටහන් කිරීමට සජිත් ප්‍රේමදාස වෙත ප්‍රසාදය පළ කර තිබේ යැයි උපකල්පනය කළ ද ඔහුට අවම වශයෙන් 30%ක ප්‍රසාදයක් හෝ හිමිවී නැත.

දිට්වා ව්‍යසනය සම්බන්ධයෙන් සහන සලසා දීම පිළිබඳව 68.6%ක ගේ සෑහීමකට පත්වීමක් පවතින බව ද, පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට ගන්නා උත්සාහය පිළිබඳව 51.6%ක් විශ්වාසය තබා ඇති බව ද එම වාර්තාවෙන් වැඩි දුරටත් හෙළි වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්