සලේගේ පෙත්සම – නීතිපතිගේ විරෝධය අධිකරණය පිළිගනී

සලේගේ පෙත්සම – නීතිපතිගේ විරෝධය අධිකරණය පිළිගනී

පාස්කු දින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා රඳවා ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම ඊයේ (14) යළිත් විභාගයට ගන්නා ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් වී සිටින නීතිඥයින් 5 වෙනි දිනයටත් දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ලැබීය. ඒ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එකම කරුණු නැවත නැවතත් වෙනත් වචනවලින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරන ලද බවයි.

මේ අතර, මෙම පෙත්සම සඳහා අතරමැදි පෙත්සම්කරුවන් 8 දෙනෙකු කරුණු දැක්වීමට ඉදිරිපත් වී සිටිති. රජයේ නීතිපතිවරයා වෙනුවෙන් වගඋත්තරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ශි හේරත් එම අතරමැදි පෙත්සම්වලට විරෝධය පළ කළාය. එම විරෝධය සටහන් කර ගනිමින් ලබන 17 වෙනි දින නැවත පෙත්සම් විභාගයට දින නියම කර තිබේ.

Facebook
Twitter
LinkedIn