සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට කඩුලු 09 ක් දැවි ලකුණු 549ක් ලබා සිටින ලදී.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 188ක්, සොනාල් දිනූෂ ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් රැස් කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Jayden Seales සහ Shamar Joseph කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර අනෙක් සියළු පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් ලබා ගන්නා ලදී.
ඒ අනුව, දෙවන දිනය සඳහා තරගය නතර කරනවිට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටී. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිට කඩුලු 09ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 491ක් පිටුපසින් සිටී.











