එප්පාවලට කුඩු බෙදූ `දෝණි’ අත්අඩංගුවට

එප්පාවලට කුඩු බෙදූ `දෝණි’ අත්අඩංගුවට

එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍ර්‍ය, නීතිවිරෝධී මත්පැන් බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, “දෝණී” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පත්කොළවැටිය, එප්පාවල ප්‍රදේශයේ පදිංචි සුරේඛා දිපානී නමැති දෙදරු මවකි.

එප්පාවල පොලිසිය විසින් අදාළ කාන්තාවගේ නිවස හදිසි වැටලීමකට ලක් කර ඇති අතර එහිදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.450ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ මෙම කාන්තාවට මීට පෙරද නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පෙර වැරදි 10කට වැඩි සංඛ්‍යාවක් පවතින බවය.

අදාළ සැකකාරිය ඊයේ (04) තඹුත්තේගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn