දූෂිත දේශපාලඥයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එයට එරෙහිව පවත්වන විරෝධතා සම්බන්ධයෙන් මූලික කරුණු දෙකක් හෙළි වී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.
විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයින්ගේ ආධාරකරුවන් යැයි හඳුන්වන පිරිසක් අධිකරණය ආසන්නයට ගෙන්වා ගැනීම එක් ප්රවණතාවකි. පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයට විශාල නීතිඥවරු පිරිසක් ගෙන්වා ගත් ආකාරයට ම විජේදාස රාජපක්ෂගේ රඛිත නිර්මල රාජපක්ෂ සම්බන්ධයෙන් ද අධිකරණය තුළට විශාල නීතිඥයින් පිරිසක් ගෙන්වා ගෙන තිබිණි.
අධිකරණයෙන් පිටත දී පිරිස් රැස් කිරීම ප්රජාතන්ත්රවාදයේ මූලික අයිතිවාසිකමක් ලෙසින් සැලකිය හැකි වුවත්, අධිකරණය තුළට අදාළ නඩුවට පෙනී නොසිටින නීතිඥයින් විශාල පිරිසක් කැඳවා ගැනීම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු වී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙති. විශේෂයෙන් ම හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂගේ පුතා සම්බන්ධයෙන් එල්ල වී තිබෙන පාතාලයෙන් කප්පම් ගැනීමේ චෝදනාව විමර්ශනයේ දී නීතිඥ සංගමය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බවට ප්‍රකාශ කළ නීතිඥයන් ද සිටීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.










