දැන් ඉතින් පෝලිමේ යන්නයි තියෙන්නේ!

දැන් ඉතින් පෝලිමේ යන්නයි තියෙන්නේ!

මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේ දී සිදු කර තිබෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමේ පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාව අද (01) සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත ය.

මෙම කොමිෂන් සභාව සේවයේ යෙදී සිටින අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලතල සහිත ය. එම කොමිෂන් සභාව හමුවේ කරුණු සහිතව ඕනෑම පුද්ගලයෙකුට තමන් සතු සාක්ෂි ලබා දීමේ හැකියාව පවතී.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මඩ අවලාද නැගූ මන්ත්‍රීවරුන්ට සහ ඉන් පිටත දී මාධ්‍ය හමුවේ විකෘති කරුණු දැක්වූවන් ඇතුළු සියළු දෙනාට තම පුරවැසි වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අවස්ථාව උදා වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්