නිරීක්ෂණයෙන් දැනුම ලබා ගැනීම නව අධ්‍යාපන ක්‍රමයේ පදනමයි – ඇමති අනුර කරුණාතිලක

නිරීක්ෂණයෙන් දැනුම ලබා ගැනීම නව අධ්‍යාපන ක්‍රමයේ පදනමයි – ඇමති අනුර කරුණාතිලක

අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වන්නේ නිරීක්ෂණ පදනම් කරගෙන බවත් දැනට පවතින දැනුම ආශ්‍රයෙන් යම් දේවල් නිරීක්ෂණය කළ හැකි අතර සමහර දේ නොහැකි බවත් එම අත්දැකීම් ඇසුරෙන් දරුවන් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වන බවත් වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති අනුර කරුණාතිලක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විද්‍යා විෂයට අදාළ මොඩියුයේ පවතින ගැටලුවක් පිළිබඳව මාධ්‍යවේදියකු යොමු කළ ගැටලුවට පිළිතුර ලබා දුන් වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති අනුර කරුණාතිලක සඳහන් කළේ දරුවගේ නිරීක්ෂණය හැකියාවන් සංවර්ධනය කිරීම සඳහා මෙම මොඩියුල නිර්මාණය කර ඇති බවය.

එහිදී අවකාශයේ පවතින වායු වර්ග පිළිබඳව දරුවාට නිරීක්ෂණය නොවීම ගැටලුවක් නොවන බව පෙන්වා දුන් ඔහු, පන්ති කාමරයේදී එම නිරීක්ෂණයන් විද්‍යාත්මකව පහදා දීමට දරුවාගේ නිරීක්ෂණයන් පදනම සපයන බවද පෙන්වා දුන්නේය.

ආරම්භයේදී අවකාශයේ සතු දැනුම භාවිතයට ගන්නා දරුවා පන්ති කාමරය තුළදී නව දැනුමක් ලබා ගන්නා බව පෙන්වා දුන් ඔහු එය මෙම නව අධ්‍යාපන ක්‍රමයේ නව ප්‍රවණතාවක් බව සඳහන් කළේය.

දරුවා තර්කානුකූලව ඉගෙනීම් ක්‍රියාවලියක ගමන් කිරීම මෙම නව ක්‍රමයේ පදනම බවද එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්