වතු කම්කරු වැටුප වැඩි කිරීම ගැන පූජකතුමන් තුති පුද කරයි

වතු කම්කරු වැටුප වැඩි කිරීම ගැන පූජකතුමන් තුති පුද කරයි

දේශකීර්ති සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා පූජකතුමන් වතුකර ජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කර තිබේ.

ඒ ඊයේ (25) විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කැඳවනු ලබන රටම එකට ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස සභාගී වූ අවස්ථාවේදීය.

“වතුකරයේ ජනතාව ගොඩාක් දෙනා මට කිව්වා ඒ අය වෙනුවෙන් ඔබතුමාට ස්තූතිය පළ කරන්න කියලා. අපි අද සූදානම් වෙලා ආවේ සාකච්ඡාව පටන් ගන්න කලින් පළමුව ඊයේ (24) දවසට යෙදුන ඔබතුමාගේ උපන් දිනයට සුබ පතන්නයි. ඒ වෙලාවේ බැරි උනත් අපි දැන් ඔබතුමාට ඒ සුභපැතුම් ඉදිරිපත් කරනවා.

ඒ වගේම මෙතෙක් කාලයකට කිසිම ජනාධිපතිවරයෙක් නොකළ ලෙස ඔබතුමා වතුකරේ ජනතාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා” යැයි සුරේෂ් ශර්මා පූජකතුමන් එහිදී පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්