පවිත්‍රා නයි නටවන්න සූදානම්

පවිත්‍රා නයි නටවන්න සූදානම්

පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් රෝහිත අබේගුණවර්ධනගේ නායකත්වය යටතේ නාමල් රාජපක්ෂ සමඟ එක්වීමට සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

දැඩි රාජපක්ෂවාදිනියක වූ පවිත්‍රා වන්නිආරච්චි පසුව රනිල් වික්‍රමසිංහවාදිනියක වූවා ය. ඇය මේ වනවිට රෝහිත අබේගුණවර්ධන සමඟ දැඩි දේශපාලන සම්බන්ධයක් පවතින අතර, ඔහු මාර්ගයෙන් නාමල් රාජපක්ෂ සමඟ එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

එලෙස එක්වීම සම්බන්ධයෙන් නාරාහේන්පිට දී සාකච්ඡා පවත්වා ඇති බව මේ වනවිට හෙළි වී තිබේ. රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානය දියත් කර ඇති ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග අනුව රෝහි අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් නැවත රාජපක්ෂ පවුල සමඟ එක්වීමට සූදානමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්