මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇතැයි ප්‍රචාරය වන වාර්තා අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇතැයි ප්‍රචාරය වන වාර්තා අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම දීමනාව රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත් වීමෙන් අඛණ්ඩව ලබාදීම සිදු කරනු ලබන බව එම නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට, එක් අයෙකුට රුපියල් 750 බැගින් වූ මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන්.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්