අපි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමගියෙන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදනවා – ටිල්වින් සිල්වා

අපි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමගියෙන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදනවා – ටිල්වින් සිල්වා

“අපි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමගියෙන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදනවා…” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ලන්ඩන්හි පැවත්වෙන 36 වෙනි ඉල්මහ විරු සමරුවට සහභාගී වෙමිණි.

එක්සත් රාජධානියේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානයේ ආරාධනයක් අනුව ඒ සඳහා සහභාගී වු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස්.

“අපේ පක්ෂයට නායකත්වය දීපු, අපේ ජීවිතවලට අතිශය බලපෑමක් කළ, අපේ සහෝදර, සහෝදරියන් සිහිපත් කරන්න අපි එකතු වි සිටින්නේ. පක්ෂය ගොඩනඟා, ආරක්ෂා කර, අලූත් මඟක් සොයා ගන්න, අලූත් සමාජයක් නිර්මාණය කර ගන්න මග පෙන්වා  දෙමින් ආ ගමනේදී අප අතරින් සමුගත් සහෝදර සහෝදරියන් සැමරීම සඳහා අපි එකතු වෙලා අපි ඉන්නවා. මීට අවුරුදු 36කට කලින් අපේ පක්ෂය නිර්මාණය කළ, අපේ ගුරුවරයා වුණු රෝහණ විජේවීර සහෝදරයා, අපේ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ගමනායක සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ, මධ්‍යම කමිටුවේ සිටි අයත්, කි‍්‍රයාකාරී සහෝදර සහෝදරියන් විශාල පිරිසක් අපට අහිමි වුණා. ඔවුන් පිළිබඳ කතා කරන්න අපි එකතු වී  ඉන්නේ.

1989 ඉල් මාසයෙන් පසුව කොතනක සිටියත් මේ ඉල්මහ සමරුව පැවැත්වූවා. ඒ වගේම එදා දිවි පි¥ ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ අපි ලබා ගත්තා. මේ 36වන ඉල්මහ සමරුව පැමිණ තිබෙන්නේ, වෙනදාට වඩා වෙනස් තත්වයන් තුළ. එදා අපි ආදර්ශයන්, අත්දැකීම් එකතු කර ගත්තේ අපේ පක්ෂය ගොඩනඟලා, බලයට ගේන්න අවශ්‍ය අත්දැකීම් එකතු කර ගත්තේ. ඒ ආ ගමනේ අද අපි ජයග‍්‍රහණයක් ලබා තිබෙනවා. ඔබ අපි එකතු වෙලා ඉතිහාසයේ පළමු වතාවට පොදු ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කරගෙන තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ මේ සමාජය වෙනස් කරන කාර්යය. රටක, සමාජයක් එක රැුයකින් නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට කාලයක් අවශ්‍යයි. බාධා නිර්මාණය වෙනවා. ඒකට අත්දැකීම් අවශ්‍යයි. අපි අද එකතු වෙලා තියෙන්නේ, විනාශය කළ පක්ෂය ගොඩනඟන්න. මිය ගිය සහෝදර සහෝදරියන්ගෙන් අත්දැකීම් ගත්තා වගේම මේ පිහිටවූ ආණ්ඩු බලයත් එක්ක, විනාශ කළ රට ගොඩනගන්න ධෛර්යයත් එකතු කර ගැනීමට අවශ්‍යයි. ඉල්මහ සැමරුම තුළින් කළේ, මළවුන් සැමරීමක්ම නොවෙයි. අපේ ඉදිරි ගමනට, මුහුණ දෙන්නට සිදුවෙන අභියෝගයන්ට, ඔවුන්ගේ ආදර්ශයන්, අත්දැකීම් එකතුකර ගත්ත එක. අදත් අපට ඒ ආදර්ශයන් අවශ්‍ය වී තිබෙනවා.

අද ඉල්මහ සැමරුම පවත්වන්නේ, බොහොම වෙනස් වුණු සමාජයක් තුළ. අද ඉන්න තරුණ පරම්පරාව 1989න් පසුව ඉපදුණු පරම්පරාවක්. දියුණු සමාජ මාධ්‍යයක් තිබෙන ලෝකයක් තුළ අද අපි කටයුතු කරන්නේ. අපි අතීතයේ ජීවත් වෙන පක්ෂයක් නොවෙයි. අපට ඉතිහාසයෙන් ඉගෙන ගන්න පාඩමක් තිබෙනවා. අනාගතය වෙනුවෙන් වර්තමානයේ ජීවත් වෙන අපි, හොඳ අනාගතයක් ගොඩනැගීමේදී අතීතයෙන් අත්දැකීම් ගත යුතුව තිබෙනවා. ඔවුන් ජීවිතයේදි සහ මරණයේදී පෙන්නූ ආදර්ශයන් එකතු කරලා විනාශ කළ පක්ෂය ගොඩනැගුවා. අපේ පක්ෂය විනාශ කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්, (විශේෂයෙන් ඒ අවස්ථාවේ හිටපු* රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කයිවාරු ගැහුවා මැච් එක ඉවරයි, දැන් ඉන්නේ ‘බී’ ටීම් එක කියලා. අපි හිරගෙවල් තුළ හිටියත්, විදේශ ගත වෙලා සිටියත්, කැලේ හැංගිලා හිටියත් ධෛර්යයෙන් නැවත මේ ව්‍යාපාරය ගොඩනඟනවා කියන අධිෂ්ඨාණයෙන් කටයුතු කළා. ඒ විතරක් නොවෙයි මේ ව්‍යාපාරය මහජන ඡුන්දයෙන් බලයට පත්කරපු ආණ්ඩුවක් දක්වා ගේන්න අපට පුළුවන්කම තිබුණා.  අපේ වගකීම නව සමාජයක් බිහි කිරීම. ඒ වගේම අපි කියනවා, අපි බලය ගත්තා වගේම වැඩකරලා, නව සමාජයක් බිහි කිරීමේ අරමුණත් අපි අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනවා කියන සහතිකය අපි ඔබට දෙනවා. අපේ මේ ව්‍යායාමය කුමන බාධක ආවත් අතරමග නතර කරන්නේ නැහැ කියන සහතිකය අපි ඔබට දෙනවා.

බොහෝ දෙනෙක් අහනවා මිය ගිය අය වෙනුවෙන් ඔයගොල්ලන් කරන්නේ මොකක්ද කියලා. අපේ සහෝදරවරු මිය ගියේ තමන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තුව නොවෙයි. ඒ අය මිය ගියේ හොඳ සමාජයක් වෙනුවෙන් තමන්ගේ සෑම දෙයක්ම අත්හැරලා. ඔවුන් වැඩ කළේ රස්සාවල් බලාපොරොත්තුව නොවෙයි. ඔවුන් සටන් කළේ තමන්ගේ රැකියාවල් දාලා, අධ්‍යාපනය මග නතර කරලා, ගේ දොර අතහැරලා හොඳ රටක් වෙනුවෙන් දිවි පිදුවා. ඒ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපට කළ හැකි ලොකුම දේ තමයි, මරණ මොහොතෙදිත් ඔවුන්ගේ හදවතේ තිබුණු ප‍්‍රාර්ථනාව අපේ කාලය තුළ අපේ දෑත්වලින් ඉටුකරන එක. ඒ වෙනුවෙන් තමයි අත්දැකීම් ගන්න අපි මේ එකතු වී සිටින්නේ. ඔවුන්ගේ ප‍්‍රාර්ථනා අපේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කොට අවසන් කරනවා කියන විශ්වාසය අපි හදාගත යුතුව තිබෙනවා.

අපේ දේශපාලනය තරමක් දුෂ්කර එකක්. අමාරු එකක්. පක්ෂයක් ගොඩනැගීම කියන එකත් අපට අමාරු වෙලා තිබුණා. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායම හැදුවේ විශේෂ පක්ෂයක්. පක්ෂ ගොඩනගන්න අපේ රටේ නීතිය අනුව  ඕනෑම කෙනෙකුට පුළුවන්. එවැනි පක්ෂ තවත් තිබෙනවා. අපේ රටේ තනිකෙනාටත් පක්ෂ තිබෙනවා. සියලූම තනතරු එක්කෙනෙක්ම දරනවා. එහෙම පක්ෂ පවතින්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ එවැනි පක්ෂයක් නොවෙයි. එදා එකතු වුණේ කවුරුත් නොදන්නා තරුණ පිරිසක්. රෝහණ සහෝදරයා ඇතුළු කණ්ඩායමක්. එයාලා වලව්වලින් ආව, පියාගේ දේශපාලන උරුමය අරගෙන ආව  පිරිසක් නොවෙයි.  ඔබ අපි කවුරුත් නොහඳුනන, සාමාන්‍ය පහළ පංතිවලින් ආව, උගත් කණ්ඩායමක් තමයි පක්ෂය නිර්මාණය කළේ. දුෂ්කරතා ගොඩකට මුහුණ පාන්න සිදු වුණා. හොඳ දෙයක් කරන්න ගියාම, විශාල වශයෙන් එන බාධා මැඩගෙන තමන්ගේ කාර්යය කරගෙන යන්න ඒ අයට ධෛර්යයක්, විශ්වාසයක් තියෙන්න  ඕනෑ,

රෝහණ සහෝදරයා ඇතුළු පිරිස මුල් පරම්පරාවේ අය. අපි දෙවැනි පරම්පරාවේ අය. අපට කොතරම් බාධකවලට මුහුණ දෙන්න සිදු වුණාද? 1968-1969 කාලයේ සල්ලි  ඕන වුණාම, සත පහක් දහයක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා රෝහණ සහෝදරයා ඇතුළු තවත් සහෝදරයෙක් තිස්සමහාරාම පරණ බස් නැවතුම් පොළේ මුට්ට කර ගහල සල්ලි සොයා ගත්  බව අහල තිබෙනවා. ලෝක ඉතිහාසයේ කොතනකවත් එහෙම පක්ෂ හදලා නැහැ. මේ පක්ෂය ගොඩනගන කොට අපට හොඳ අරමුණක් තිබුණා. ඒ නිසාම කිසිම බාධාවකට මේ පක්ෂය ගොඩනගන එක නවත්වන්න බැරි වුණා.

අපේ පක්ෂය ජයග‍්‍රහණය කරා යන ප‍්‍රධාන හේතුවක් තිබෙනවා. සමාජයේ උවමනාවක් වෙනුවෙන් හදන පක්ෂයක් පක්ෂයක් කිසිවෙකුටවත් නවත්වන්න බැහැ. පක්ෂයක් හදාගන්නේ පුද්ගල උවමනාවට නම්, ඒ පක්ෂ ගොඩක් කල් තිබෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ රහස තිබෙන්නේ එතන. කුමන දුෂ්කරතාවන් ආවත් අපේ අරමුණ අත්හැරියේ නැහැ. අපි මරණය හමුවේ පවා නව සමාජයක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන්, ජීවිතය අත්හැරලා අරමුණ රකින්න පුළුවන් කියලා පෙන්නලා තිබෙනවා. භාවිතාවෙන් ඔප්පු කරලා තිබෙනවා. එවැනි ලංකාවේ තිබෙන එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටින තාක් කල් අපිව වට්ටන්න කාටවත් බැහැ.

”බාධක දැක පෙරමුණේ – කොයි නදියද නැවතුනේ” කියලා කතාවක් තියෙනවා. බාධක ආවට ගඟක් ගලන එක නතර වෙන්නේ නැහැ. බාධක මැද්දේ ගලන කොට තමයි ඒ ගෙඟ් හැඬේ ලස්සන පේන්නේ. අපේ පක්ෂ ඉතිහාසයම හැඩයි. ලස්සනයි. අපේ ඉතිහාසය තුළ ආදරණීය මිනිස්සු හමුවෙලා තිබෙනවා. කැපකිරීම් කළ හැකි මිනිසුන් හමුවෙලා තිබෙනවා. ඒ වගේම ඒ සමග පාවා දෙන්නන්ද මුණ ගැසී තිබේ. ද්‍රෝහින්ද මුණ ගැසී තිබෙනවා. දැනුත් ඉන්නවා.

දේශපාලන වශයෙන් මැරුණු මිනිස්සු, ෆැන්ෂන් එක නවත්තනකොට  ජීවත් වෙන්න මාර්ගයක් නැති වුණාම , එක දවසක් හෝ මේ පක්ෂයේ හිටියා කියා කියන්න ලැජ්ජා අය කියන ඒවා ගැන අපි සැලකිලිමත් වෙන්න  ඕනෑ නැහැ. අපේ ගමන යන්න අපට අරමුණක් තබෙනවා. ඒ අරමුණ කරා යන්න අත්දැකීම්, ධෛර්යය, ශක්තිය  අවශ්‍යයි නම්, අපි සහෝදරවරුන්ගෙන් ගනිමු. අපේ සහෝදර සහෝදරියන් ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කළා, මහන්සි වුණා. තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී වැඩ කළා. ඒ කැපකිරීම්, මහන්සිය හෙටත්  ඕනෑ. අපේ මේ සටන අවසන් නැහැ. පටන් ගත්තා විතරයි. ඉදිරියට අපට ගොඩක් වැඩ කරන්න තිබෙනවා. ඒ නිසා කලින් වගේම අපිත් එක්ක වැඩ කරන්න  ඕනෑ. මේ වෙනුවෙන් දිවි පිදූ සහෝදරවරුන්ගේ භාවිතාවන්, ආදර්ශයන්, ශක්තීන්, ධෛර්ය සියල්ල එකතු කරගෙන මේ සමාජය වෙනස් කිරීම සඳහා අපට කළ හැකි උපරිම කැපවීමෙන් වැඩ කරමු. හොඳ සමාජයක් හදන්න සටන් වදින, හොඳ මිනිසුන් හැටියට, අවංක මිනිස්සු හැටියට, සහෝදරත්වයෙන් පිරුණු සමාජයක් හදන්න, ආදරය පිරුණු සමාජයක් හදන්න හදවතේ ආදරය පිරුණු මිනිසුන් හැටියට හැමෝම භේදයක් නැතිව වැඩකළොත් මේ සමාජය හදන්න පුළුවන්. අපට ජයග‍්‍රහණය කරන්න පුළුවන්.

ඒ නිසා එහෙම සමාජයක් හදන්න ඕනා. එකිනෙකාට ගරු කරන සමාජයක් අපි හදන්න ඕනා. ආරක්ෂාව තියෙන සමාජයක් අපි හදන්න ඕනා. ඒ වගේම අපි අපේ රටේ ජාතික සමගිය හදන්න ඕනා. ඔය කොතන කවුරු කෑ ගැහුවත් අපිට තියෙන ලොකුම අභියෝගය මොකක්ද? අපේ අටේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් ලෙස හිත හතින, සිංහල, දෙම්ළ, මුස්ලිම් සියලු ජනයා එකට ජීවතිවෙන රටක් අපි හදන්න ඕනා. අපි දන්නවා ඒක අමාරුයි කියලා. අමාරු ඇයි? ජනතාව කැමතියි එකතුවෙන්න. දේශපාලනඥයා කැමති නෑ එකතුවෙනවට. ඒ නිසා ඒගොල්ලෝ හදනවා බෙදලම තියාගන්න. පොඩි පොඩි අරමුණු වෙනුවෙන්. නමුත් අපිට විහ්වාසයක් තියෙනවා දැන් ඒ ඉතිහාසය ඉවරයි ජනතාව දැන් ඒ දේශපානඥයන් අභිබවා පියවරක් තියලා තියෙනවා. දේශපාලකයෝ අතීතයේ ජීවත්වෙනවා. ජනතාව වර්තමානයට ඇවිත් තියෙනවා. දැන් මෙතනින් පස්සේ අපේ රටේ ජාතිවාදය අවුලන්න බැහැ. ජාතිවාදයට පොදු ජනයා විරුද්ධයි. ජාතිවාදයට ආණ්ඩුවත් විරුද්ධයි. ඒ නිසා ජාතිවාද අවුලන්න බැහැ.

අපි විනාශ කරපු පක්ෂය හැදුවා වගේම, මේ ආණ්ඩුව නිර්මාණය කළා වගේම, මේ ආණ්ඩුවයි, පක්ෂ බලයයි පාවිච්චි කරලා, අපේ සහෝදරවරු මරණයේදී ප‍්‍රාර්ථනා කළ අලූත් සමාජය, ඉතා ඉක්මනින් හදනවා කියන සහතිකය අපි දෙනවා. මේ රට හදන්න පුළුවන්ය කියන සහතිකය හිතේ දරාගෙන ඒ වෙනුවෙන් කරන්න  ඕන කැපකිරීම්, ධෛර්යය ශක්තිය එකතු කර ගනිමු. ජයග‍්‍රහණය තෙක් සටන් වැදීමට ලැහැස්ති වෙමු.

විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය   උරා

රතු මල් පිපේවා මිහිකත දෙරණ        පුරා

ලෙල දෙන රතු ධජය දැඩිකොට සුරත දරා

පියවර නගමු නිවහල් නව ලොවක්     කරා

අපි හැමදෙනාම සහෝදරත්වයේ ධජය, සාමයේ ධජය, නවතම නිර්මාණයේ ධජය, සුරත දරාගෙන,  ජයග‍්‍රහණය තෙක් යන්න සූදානම් වෙමු. ඒ වෙනුවෙන් සටන් කරමු, අරගල කරමු. !”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්