ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍රය සඳහා කැබිනට් අනුමැතිය…

ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍රය සඳහා කැබිනට් අනුමැතිය…

ඉතාලියෙ වෙසෙන ලාංකිකයන් මේ වනවිට මුහුණදෙමින් සිටින රියැදුරු බලපත්‍ර ප්‍රශ්න විසඳීම සඳහා වන යෝජනාවට අද (24) දින කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබී තිබේ.

ඒ බව සඳහන් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක සිය මුහුණුපොතේ සටහනක් යොදා ඇත.

ඒ අනුව, මීට කලින් රියදුරු බලපත්‍රය ලබාගැනීමට හැකි වූ ඉතාලිය තුළ අවුරුදු හතරක් ජීවත්වීමේ සීමාව අවුරුදු 06 දක්වා දීර්ඝ කරමින් ගිවිසුමකට එළඹීමට වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමව තිබේ.

මෙතෙක් නීතිය අනුව ඉතාලියේ අවුරුදු 04ක් ජීවත් ලාංකිකයින්ට හැර ඊට වඩා වරස ගණනක් ජීවත්වන ලාංකිකකයන්ට ඉතාලියේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නොහැකිව තිබිණි.

ඒ අනුව වසර් 06ක් ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයන්ටද රියදුරු බලපත්‍රය ලබා ගත හැකිය.

‍මෙම කැබිනට් තීරණය පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක සිය මුහුණුපොතේ යොදා තිබූ සටහන පහතින්.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්