ධීවර ප්‍රජාව සඳහා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, නියමිත දිනට හෝ ඊට පෙර වාරික මුදල් ගෙවා නිම කිරීමෙන් පසුව, වයස අවුරුදු 60 සිට මාසික විශ්‍රාම වැටුපක් හිමි වීම, 75%ක් වාරික මුදල් ගෙවා ඇති දායකයින්ට විශ්‍රාම වැටුප් අහෝසි වීමකින් තොරව අවුරුදු 60 සිට ගෙවා ඇති මුදලට සරිලන මාසික වැටුපක් ලබාගත හැකිවීම, 25%ත් 75%ත් අතර දායක මුදල් ගෙවා ඇති විටකදී සම්පූර්ණ මුදල ඊට සරිලන පොළියක් සමඟ ලබාගත හැකිවීම මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඇතුළත් වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර අර්ධ බෙලහීනතාවයකට ලක් වූ විට පාරිතෝෂික මුදලක් හෝ විශ්‍රාම වැටුප් ගෙවන අවස්ථාවේ මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව, ස්ථීර බෙලහීනතාවයට පත් වූ විට රුපියල් 50,000ක උපරිමය දක්වා පාරිතෝෂිකයක් එකවර හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව, විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුවහොත් වසරකට පසුව උරුමකරුට මුළු දායක මුදල ඊට සරිලන පොළියක් සමඟ ලබා ගත හැකියාවද ඇති බව සඳහන්.
කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පසුගිය 22 වැනිදා සිට ආරම්භ කර ඇති බවය.










