අයවැයේදි දිගම්බරම් ඇවිලෙයි…

අයවැයේදි දිගම්බරම් ඇවිලෙයි…

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා වැඩිකරන අතර ඔවුන්ට පැමිණීමේ දිරිදීමනාවක් වශයෙන් දිනකට රුපියල් 200ක් ලබාදීමට අයවැය මගින් යෝජනා කරනු ලැබීය.

ඒ අනුව එක් වතුකම්කරුවෙකු මාසයකට දින 25ක් පැමිණියහොත් රජයෙන් රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබාදීමට නියමිතය. එමෙන්ම ඇතැම් වතු සමාගම්වල පවතින බරපතල අකාර්යක්ෂමතාවය නිසා නිසි පරිදි වගාවන් නඩත්තු කිරීමක් දක්නට නොලැබෙන බැවින් පරිහානියට පත්ව ඇති බවත්,

එවැනි සමාගම්වලට තමන්ගේ සේවකයින් නිසිපරිදි රැකබලාගැනීමට කිරීමට අසමත්වී ඇති බවත් සඳහන් කළ ජනාධිපති අනුර දිසානායක අවුරුදු 150ක් පමණ පැරිණි එම සමාගම්වලට නිසිපරිදි වතු නඩත්තු නොකරන්නේනම් සහ තම සේවකයින් රැකබලාගැනීමට නොහැකිනම් එම වතු රජයට පවරා ගන්නාබවට අනතුරු ඇඟවීය.

එම ප්‍රකාශයත් සමග පලනී දිගම්බරන් මන්ත්‍රීවරයා දැඩි ප්‍රසාදයක් පල කරනු දැකගතහැකිවිය.

ජනාධිපති අනුර දිසානායක, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති ලෙස මේ වනවිටත් 2026 අයවැය ඉදිරිපත්කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn