2032 ඉලක්කය මේ වනවිටත් සපුරාගෙන

2032 ඉලක්කය මේ වනවිටත් සපුරාගෙන

රාජ්‍ය මූල්‍ය තත්වය ශක්තිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජයේ සමස්ත ණය ප්‍රමාණය දලදේශීය නිෂ්පාදිතයෙන් 95%ක ප්‍රමාණයේ තබාගැනීම 2032දී සපුරාගැනීමේ ඉලක්කය මේ වනවිටද සම්පූර්ණ කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලබාදී තිබූ නිර්නායක අනුව 2032 වනවිට රජයේ ණය ප්‍රමාණය දලදේශීය නිෂ්පාදිතයෙන් 90% දක්වා තවදුරටත් පහත හෙලීමේ ඉලක්ක සපුරාගත හැකි බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති, ජනාධිපති අනුර දිසානායක 2026 අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආර්ථිකය කඩාවැටෙනු ඇති බවටත්, දේශපාලන අස්ථාවරත්වයක් හටගනු ඇති බවටත් විරුද්ධ පක්ෂ විසින් ගෙනගිය ප්‍රචාර හමුවේ ආයෝජන වර්ධනය කරගනිමින් මෙම ජයග්‍රහණ ලබාගෙන ඇති බව අවධාරණය කෙරිණ.

Facebook
Twitter
LinkedIn