කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.පී මුබාරක් අද (31) උදෑසන කුච්චවේලි ප්‍රදේශයේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ වැටලීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඉඩමක් සඳහා බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05ක මුදලක් අල්ලසක් ලබාගනිමින් සිටි අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉහත සඳහන් ප්‍රාදේශීය සභා සභාපති පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සභාවට තේරී පත් වූවෙකි.

ඔහු කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට තේරී පත් වූවේ ඉලංගෙයි තමයිල් අරසු කච්චි යන පක්ෂයේ සහාය ඇතිවය.

Facebook
Twitter
LinkedIn