තලන්නන්ගේ සංගමය ගැන ඔබ දන්නවාද?

තලන්නන්ගේ සංගමය ගැන ඔබ දන්නවාද?

ළමා හිංසනය වැළැක්වීම සඳහා නව නීති හඳුන්වා දීමට රජය ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව “සුරකිමු දරුවන් පණ මෙන් ජාතික ක්‍රියාන්විතය” යනුවෙන් හඳුන්වා ගත් පුද්ගලයෙකු විවිධ ප්‍රචාර දියත් කරමින් සිටී.

ඊයේ (01) “සියළුම මාධ්‍ය ආයතන, මාධ්‍ය අධ්‍යක්ෂවරුන්, හිතවත් මාධ්‍යවේදීන්” යනුවෙන් සඳහන් කර අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ විරෝධතාවයක් පවත්වන බව සඳහන් කර වට්ස්ඇප් පණිවිඩයක් යවා තිබිණි. එහි දුරකතන අංකයක් ද සඳහන් කර තිබූ අතර, මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ “තලන්නන්ගේ සංගමය” ජාතික ක්‍රියාන්විතය යනුවෙනි.

මේ අතර, දඬුවම් කිරීම සහ හිංසනයට ලක් කිරීම සම්බන්ධ 2016 අංක 12 දරන චක්‍රලේඛය පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමු කර ඇත. ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා මනෝ වෛද්‍යවරියක සමඟ සිරස රූපවාහිනිය කළ සාකච්ඡාවේ දී වැදගත් කරුණු රැසක් මතු කර තිබිණි. එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn