රණවිරුවන් දඩයම් කරන බවට නැවත වටයකින් ප්‍රචාරය කිරීමට උත්සාහ දරන නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සහ එම පක්ෂයේ ඉතිහාසයේ සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙතෙක් සඟවා තිබූ තොරතුරු රැසක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් හෙළි කරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව මහ නායක හිමිවරුන් වෙත ලිඛිතව දන්වා යවා තිබෙන්නේ රණවිරුවන් දඩයමක ආණ්ඩුව නිරත වන බව ය. මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ කිරීමෙන් නොනැවතී පක්ෂයේ නිල ලිපියක් ලෙස නායක හිමිවරුන් වෙත යවන ලද එම ලේඛනයේ පිටපතක් මාධ්‍යවලට ද යොමු කර තිබේ.
එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස ද, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ද වගකීම් දැරූ අවදියේ දී සිදු කළ ද්‍රෝහීකම් පිළිබඳව සරත් ෆොන්සේකා හෙළි කරන තොරතුරු පහත වීඩියෝවෙන් දැක්වේ.
6,766










