නාමල් ඇතුළු පිරිස ගෙන ගිය බොරුවේ ඇත්ත… නියෝජ්‍ය ඇමතිවරයා හෙළි කරයි

නාමල් ඇතුළු පිරිස ගෙන ගිය බොරුවේ ඇත්ත… නියෝජ්‍ය ඇමතිවරයා හෙළි කරයි

වර්තමාන රජය මගී ප‍්‍රවාහනය සඳහා කාර්යක්ෂම නූතන ප‍්‍රතිසංවිධාන ක්‍රියාමාර්ග දියත් කරමින් තිබියදී, නාමල් රාජපක්ෂ ප‍්‍රමුඛ ජනතාව පළවා හැරි කණ්ඩායම් විසින් විවිධ කුමන්ත‍්‍රණ දියත් කරමින් සිටින බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේකර අවධාරණය කරයි.

ප‍්‍රවාහන ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් යාපනය ඇතුළු උතුරු ප‍්‍රදේශයේ නිරීක්ෂ චාරිකාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වසර තුළ ලංකා ගමනා ගමන මණ්ඩලයට බස් 600ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 3,600ක් වෙන්කර ඇති බවත්, බහුවිධ ප‍්‍රවාහන පර්යන්තයක් පිහිටුවා මගී ප‍්‍රවාහනය පහසු සහ කාර්යක්ෂම තත්වයට පත්කරන බවය.

බස් සහ දුම්රිය ගමනාගමනය මගී ජනතාවට පහසුවෙන් ඒකාබද්ධ වියහැකි ආකාරයට මෙම වසර පහ තුළ ගොඩනඟන බවත්, ලබන 2026 වසරේදී එහි ආරම්භක පියවර තබන බවත් දුම්රිය, ලං.ග.ම. බස්සේවය සහ පෞද්ගලික බස් සේවය ඒකාබද්ධ කරමින් මගී ජනතාව වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් සැලසුම්කර ඇති බව ඇමතිවරයා හෙළි කළේය. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝ 25ක් සහ බස් නැවතුම් පොළවල් 50ක් ඉදිකිරීම සඳහා මෙම වසරේදී මුල්ගල් තබන බවත් ලබන 15වැනි දින කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය සඳහා මුල්ගල් තබන බවත් හෙළි කළේය.

නමුත් කොළඹ මධ්‍යම බස්රථ නැවතුම්පොළ වසා දැමීමට සූදානමක් ඇති බවට වෘත්තිය සමිති කිහිපයක් වැරදි ප‍්‍රචාරයක් ගෙන යමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග එක්වී ක්ෂණික වැඩවර්ජනයක් දියත් කිරීමට ගත් පියවර අසාර්ථක වූ බවද පැවසීය. ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ පහක් වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජන බලවේගයේ විදේශගත සාමාජිකත්වය විසින් මුදල් ප‍්‍රදානයක් ද, සිදුකර තිබේ. ඒ මගින් තෝරා ගත් ඩිපෝ අතර යාපනය ඩිපෝවද පවතින බව හෙළි කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්