විපක්ෂය එකතු වෙන්නේ නඩුවලින් බේරෙන්න – සරත් ෆොන්සේකා

විපක්ෂය එකතු වෙන්නේ නඩුවලින් බේරෙන්න – සරත් ෆොන්සේකා

වත්මන් විපක්ෂය මේ වනවිට එකමිටට එකතුවෙමින් ඉන්නේ ඔවුනොවුන්ට ඇති නඩුවලින් බේරීම සඳහා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

රටේ ප්‍රබල යැයි සඳහන් වූ දේශපාලන පක්ෂ කුඩු වී, සුනු විසුනු වී ගිය බවද ඔහු පවසයි.

ඔහු මේ බව පැවසූව් උත්සවයක් අමතමිනි.

ඒ අනුව, සමහර දේශපාලනඥයින් ආගිය අතක් හෝ සොයා ගැනීමට නොහැකි බවත්, සමහර දේශපාලනඥයින් ටිකෙන් ටික `වැලිකඩ පැත්තෙන්’ මතුවන බවත් ඔහු එහිදී පැවසීය.

වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියේ `පුනරුදය එක මිටට’ කියා බවත්, අද සිදු වී ඇත්තේ විපක්ෂය එක මිටට එකතු වීම බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඔවුන් එලෙස එක් වී ඇත්තේ ඔවුන්ගේ නඩුවලින් බේරීමට බවද තමාව සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීම හේතුවෙන් තමන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ආදියෙන් ගැලවී සිටීමට හැකි වූ බවද ඔහු සඳහන් කරයි.

ඔවුන් සිදු කරන්නේ විනෝදයක්, මුදල් උපයන මාර්ගයක් ලෙස සිදු කරන දේශපාලනයක් බවත්, හොඳට එක් වී, කා බී, හොඳ ව්‍යාපාරයක් සිදු කරගෙන, ආණ්ඩුව තුළ කුමක් හෝ අවභාවිතා කිරීමක් සිදු කිරීම බවත්, කුමක් හෝ සල්ලාල වැඩක්, බේබදු වැඩක් සිදු කිරීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්