කොළඹ මහ නගර සභාව ජාතික ජන බලවේගයේ පාලනයට ලැබීමෙන් පසුව විවිධ ක්ෂේත්‍රවලින් කෙටි කාලයක් තුළ විශාල ප්‍රගතියක් අත්පත් කර ගනිමින් තිබේ.
විශේෂයෙන් ම පොදු ජනතාවගේ ප්‍රශ්න මෙන් ම, කුඩා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාමාර්ග ඒ අතර ඉදිරියෙන් ම පවතින බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවට අයත් දෙපාර්තමේන්තු 16 ක් තිබේ. ඉන් එක් සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ලෙස කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව හඳුනා ගත හැකි වේ.
පසුගිය 19 වෙනිදා පෙරවරුවේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගි වීමි. එකී පරිශ්‍රය තුළ පිහිටි වාහන අලුත්වැඩියා කිරීමේ ගරාජයක්, පෑස්සුම් වැඩපොළක්, ලියවන පට්ටල් වැඩපොළක්, වඩු කාර්මික වැඩ පොළක්, විදුලි කාර්මික වැඩ පොළක් ආදී අංගෝපාංගයන්ගෙන් සමන්විත දැවැන්ත කර්මාන්ත ශාලාවක් කොළඹ මහ නගර සභාව සතු වේ.
සේවකයන් මුහුණ දෙන ගැටළු, උපකරණ හිඟය ආදී පොදු ප්‍රශ්න පිළිබඳවත්, ඒවාට විසඳුම් ලබා දීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත් එහිදී සේවකයන් සමඟ සාකච්ඡා කරනු ලැබීය.
ඊට අමතරව, කොළඹ මහ නගර සභාවට අයත් දෙපාර්තමේන්තු 16ක් ප්‍රතිසංවිධානය කරමින් සංවර්ධනය කිරීමට මූලිකත්වය ලබා දී තිබේ.










