රාජපක්ෂලාගේ දේශපාලනය පොළොවට පස් වෙයි – දේශපාලන විශ්ලේෂකයෙකු කරුණු සහිතව හෙළි කරයි

රාජපක්ෂලාගේ දේශපාලනය පොළොවට පස් වෙයි – දේශපාලන විශ්ලේෂකයෙකු කරුණු සහිතව හෙළි කරයි

රාජපක්ෂලාගේ දේශපාලනය ක්‍රියාත්මක කළ මූලධාර්මික කරුණු සියල්ල අහෝසි වී ඇති බව දකුණු ආසියාවේ ප්‍රකට දේශපාලන නිරීක්ෂකයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දී තිබේ.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඉදිරිපත් කරන දේශපාලන කරුණු දකුණු ආසියාවේ ම නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානයක් දිනා ගෙන තිබේ. ඉරිදා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ, මහාචාර්යවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය 17 වෙනිදා නිකුත් කළ පුවත්පතේ පළ කර තිබිණි. එහි දී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නය සහ ලබා දුන් පිළිතුර පහත දැක්වේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇතුළේ රාජපක්ෂවාදය මූලිකව අවසන් කියලා ඔබ හිතනවා ද?

පිළිතුර – මම හිතන්නේ ඒක අවසන්. රාජපක්ෂවාදයේ මූලධර්ම කිහිපයක් තිබුණා. සිංහල බෞද්ධ ජාතිකවාදය එකක්. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට උරුමකම් කීම. තව එකක් තමයි දේශපාලන අධිකාරීවාදය. දූෂණය කියන්නේ රාජපක්ෂවාදයේ තිබුණු තවත් එකක් මූලධර්මයක්. දූෂණය දේශපාලන අවියක් විදිහට පාවිච්චි කිරීමක් සිදු වුණා. මහින්ද රාජපක්ෂ 2005 දි බලයට පත් වූ පසු තමන්ගේ බලය පවත්වා ගෙන යාම සඳහා දේශපාලන බලය සහ දූෂණය දේශපාලන අවියක් ලෙස සාර්ථකව පාවිච්චි කළා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු ක්‍රමයක් ඇතුලේ දූෂණය සම්බන්ධයෙන් යම් ලැජ්ජාවක් තියෙනවා නේ. නමුත් රාජපක්ෂවාදය ඇතුලේ ඒ ලැජ්ජාව තිබුණේ නෑ. මේ සියළු මූලිකාංගවල මිශ්‍රණයක් තමයි රාජපක්ෂවාදය කියන්නේ. ඒක දැන් අවසානයකට ඇවිත් තියෙනවා. නාමල් රාජපක්ෂ දේශපාලනයේ ඉඳි. නමුත් දේශපාලන බලය ලබා ගැනීමට ශක්තිමත් මතවාදයක් විදිහට රාජපක්ෂවාදය ඉදිරියට පැමිණීමට දැනට රටේ ඉඩක් නෑ.

Facebook
Twitter
LinkedIn