ප්‍රතිසංවිධානය නොකර සමගි ජන බලවේගයට ඉදිරි ගමනක් නෑ – චමින්ද විජේසිරි

ප්‍රතිසංවිධානය නොකර සමගි ජන බලවේගයට ඉදිරි ගමනක් නෑ – චමින්ද විජේසිරි

පක්ෂයේ ඉහළ තනතුරු ප්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් සමගි ජන බලවේගයට ඉදිරි ගමනක් නොමැති බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඒ අනුව මේ වනවිට පක්ෂ අභ්‍යන්තරය තුළ සාකච්ඡා කරමින් පවතින පැහැදිලි වෙනස්කම් සිදු කළ යුතු බවත් එය සිදු නොකර ඉදිරියට ගමන් කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මේ බව පැවසූවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පරාජයට හේතුව තමන් යැයි සිතනවා නම්, ජනතාවගේ අකමැත්ත ඇත්තේ තමන්ට යැයි හැඟෙනවා නම්, එයින් ඉවත් වී පක්ෂය ජයග්‍රහණය කළ හැකි දක්ෂයකුට හෝ හැකියාව ඇති කණ්ඩායමකට පක්ෂය භාරදිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

පක්ෂයේ ප්‍රතිසංවිධානය විය යුතු තැන් රැසක් ඇති බවත් ඉදිරියේදී එය නම් වශයෙන් හෙළි කිරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ යැයි කියාගත් පිරිසක් ඔවුන්ගේ තනතුරු වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කරයි.

තනතුරුවලට පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn